Friday, March 7, 2014

...............අලුත් පාරක....................( 01 )

               වසත්කාලය ගෙවී ගොස් බැවින් හිමි හිමින් මල් පියලි පොලවට බරවෙමින් තිබුනි...,තැන තැන වල් බිහිවෙමින් තිබුනු පාලු ගෙඋයන වෙනදා මෙන් අදත් නිසලය..නමුත් ඒ නිසන්සල බවට මා මින් පෙර  මහත් සේ ඇලුම් කලෙමි..
               

          
                                      දුවිලි වලින් වැසී තිබුනු වයලීනයේ දුවිලි යන්තමින් අතින් පිසදා එය කවරයට බහා ගත්තෙමි.. ඊට අමතරව පොතක් හා පැනක්ද බැගයට දාමා ගෙන එලියට බැස්සෙමි... එය වැසි දිනය්ක් නොවන නමුත් අප්‍රසන්න තෙත ගතිය මේ මීදුම නිසා විය හැකිය..
නමුත් කිසිදු දෙයකට නවතාලිය නොහැක්කේ.,,එලසට  දැන් හිත ශක්තිමත්ය එහෙමත් නැතහොත් හිත කියන දේ ඇසීමට තරම් තවදුරටත් කුඩා ලමයෙකු නොවන බව මට සිතෙන නිසාදෝ නොදනිමි...

                         


                                       ''තාත්තේ මම යනවා''.

 

''පරිස්සමෙන් ගිහින් එන්න දරුවෝ බස් එකට සල්ලි ගත්ත නේද''

 

"ඔවු තාත්තේ දැන් මම පොඩි එකෙක් නෙවෙයි ඕව මතක් කර කර ඉන්නෙපා ඔහොම''

                     

                     වැසි නොවැටුනද මීදුමෙන් මැවුනු පිනි බින්දු එකි නෙක වැටෙන බැවින් හා සියල්ලන්ගෙන් සුදු මැලි මුහුන හන්ගා ගැනීම පිනිසද මම කලු කුඩය ඉහලා ගතිමි..




                        


                        බස් නැවතුම් පොලට ලගා වීමට නිවසේ සිට ඇත්තේ කුඩා අඩි පාරකි ..විශාල දේවදාර ගස්වලින් මුවා වුනු මේ මග කුඩා කල සිටම සුපුරුදුය..,උසස් විදිහලට යාමට පෙර බාලන්ශයට යන අවදියෙහි යෙහෙලියන්ගෙ අතින් අල්ලාගෙන සැහල්ලුවෙන් පාසලේ සිට නිවසට ඇති කෙටි දුර ඇවිද ආවේද මේ මගෙහිය..
                  
                        
                             පරන දේවදාර දැවැන්තයන්ගෙ පහසෙහි වෙලී පිනි බිදු මුසු සුලගෙහි රැදී ඇති සුවද කුමක්දැයි වචනයෙන් විස්තර කිරීමට කුඩා කල සිටම මා වෙහෙසුනෙමි.. නමුත් තවමත් එය විස්තර කිරීමට නොහැකිය.. නමුත් එම සුපුරුදු සුවද ඕනෑම තැනක හිතට පාලුවක් තනිකම් දැනුන විට නෙතු පියා මතක් කර මතකයේ පහසින් විදිය හැකිය...
                             ඉදහිට තුරු පත් මත රැදී තිබුනු ලොකු වහි බිදු එක දෙක කුඩය මත වැටී හඩක් නික්මෙයි.. නමුත් ඒ හඩ ග්‍රහනය කරගනීමට තරම් මනස සැහැල්ලු නැත..මුලු පරිසරයම මගේ මනසෙහි කැකෑරෙමින් තිබුනු අමිහිරි මතකයක් යලි යලිත් හිත මතට ඉලිප්පවාගැනීමට සැරසෙන බව හැගුනු නිසා මතක් නැවතුනෙමි.. ඔව් මා මාවම පාලනය කරගත යුතුය කිසිවිටකත් නව ඇරබුමකට අතීතයේ අමිහිරි මතක ගාවගත යුතු නැත...පාර අයිනේ තිබූ නම නොදත් රතු මල් පලයක් උඩ වැටී තිබුනු ප්නි බිදු දැතින් ගෙන මුහුන පිසඩාගත්තෙමි.. හීන් හිරිකඩක් මවමින් ඒ පිනිබිදු වල සීතල හිතට යන විට පීඩාකරි වු ශරීරක අපහසුතවයක් දැනුනද එය මනසට සහනයකි..,නොදැනුවත්වම දිගු සුසුමක් පිට වුනද වෙදනාව තවමත් සීයට සීයක්ම නැති වී නොමැත..පරන මතකයෙන් මිදී මටනම් අලුත් මිහිරි මතකයන් හදේ පුරවාගත යුතුය.. අසීරු විය හැකිය නමුත් කෙලෙසක හෝ අතීතයට සමුදිය යුතුය

                             හෙමින් හෙමින් බස් නැවතුම් පලට ලන් වෙයි..දැතින් යන්තමට කොන්ඩය හදාගන්නට වුනේ එය නැවතත් අපිලිවෙල වී ඇති බව හැගුනු නිසාය උපතින්ම මට පිහිටා තිබුනේ අන් අයට වඩා තරමක් දුබුරු පැහ අකීකරු වරලසකි..අදත් සුපුරුදු පරිදි මා ඇද සිටියේ අලු පැහ කමිසයක් හා කලු කලිසමකි.. අලු කලු වර්න මගේ ජීවිතයට සමීප වුයේ කවදා සිටද නොදන්න නමුත් එම වර්න හ මගේ ජීවිතයේ නම නොදත් නෑ කමක් පවතින බවක් සිතේ
ඇතැම් විට ඒ මගේ ජීවිතය හා බැදුනු හුදෙකලා සැගවුනු  සිතේ අදුරු හැගීම් විය හැකිය..
 



කිසි දිනෙක මා පාසලේදි වුවද ගීයක් ගායන කර නොමැත එවැනි සෑම අවස්තාවක්ම ඉතා කපටි ලෙස මගහැරීම මගෙ බාග්යමත් හැකියාවකි..මා දක්ශ වුයේ චිත්‍ර ඇදීමට පමණි.. මට ඇත්තේ ගීතයක් රසවිදිමේ හැකියාව පමනි.. සන්ගීත පන්ති යාමට ගත් තීරනය නිවරදිදැයි සිතා ගත නොහැකිය..
 එ කුමක් නමුත් එය මනසට සහන දායි යමක් වන බව හැගේ


                           




                                             ......දිනක විරාමයකින් පසු යලි හමුවෙමු.............

 

මේක අදහස් කමෙන්ට් කරල යන්නලා උම්මා ඈ
වැරදි ඇත්තම් පෙන්වල යනවනම් ගොඩාක් පින්

                                              

5 comments:

  1. හැමදාම ලියන්න ලියන විට අදහස්...... ජීවිතය තව තවත් අළුත් වේවි.

    ReplyDelete
  2. ගොඩාලියක් පින් කමෙන්ට් කලාට

    ReplyDelete
  3. බොහොම හොඳයි අලුත් දෙයක් ලියන එක. පරණ දේවල්ගැන මම හොඳට දන්න නිසා මම කැමතියි අලුත් දෙයක් දකින්න ඔයාගෙන්..මොකද ඒ අලුත් දේවල් තුලින් මම සතුටක් ලබනවා

    ReplyDelete
  4. ලස්සනයි.....

    ජය වේවා... ^_^

    ReplyDelete