Wednesday, March 5, 2014

ඇරඹුම ( අතරමන්ව )




          
longlivethequeen: ironlionzion: neontigers: petitdejeuner: (via foresting)




                 කිසිවෙකුට නොකියූ ජීවිත කතාව මගේ මරනයත් සමග වැලලීම වලක්වනු වස් තෙරෙක් නොපෙනෙන සයිබර් ආකසයේ පොඩි ඉඩක තැන්පත් කිරීමට සිතුවෙමි

කොතනින් ඉවර කරන්නදැයි දන්න මුත් පටන් ගැනීම කොතනින් ආරම්බ කරම්දැයි තවමත් සිතා ගැනීමට නොහැකිය. දයාබර දින පොත අද පටන් කිසිවෙකුට නොකියූ මගේ කතාව නුඹට ඇසීමට සිදු වෙනු ඇත.. මා හා මගේ සිත තුල පමනක් නිදන් ගතව තෙරෙපෙන පීඩිත හැගීම් ප්‍රකාශ කිරිමට තෙවැන්නෙක් අවැසි වුවද කෙනෙකුගේ දුක් බර කතාවක් සාවදානව අසා සිටීමට තරම් මෙලෙක් වූ හිතක් ඇති කිසිවෙකු මෙලව් නැති බව මට අවදාරනය වී ඇත

හෙට සිට මගේ හිත හා මා සමග තෙවැන්නෙක් සිටී.

                     තෙත බරිත තණපත් වලින් සීතල පිනිබිදු රූටමින් තිබේ..මග දෙපස විශාල මාලිග 

මෙන් නිවෙස්ය..විහගෙකු වුවද ශබ්දයක් පිට නොකිරීම පුදුමයකි.. කන් රිදවන තරම් නිහඩ බවකි 

ඇසෙන එකම හඩ වූ මගේ පා සීතල දැඩි පොලවෙහි ගැටෙන  හඩට සවන් දුන්නෙමි.. එය පීඩාකාරි 

හඩකි..
විශාල මැදුරු මා එනු දැක කවුලු වල තිර රෙදි පහලට ඇද දමයි..ඒවායේ සියලු දොරවල් මට වැසී ඇත..
               මාව නොසලකා හරින ලද මේ පරිසරයෙන් ඈත් වී යලි දිව යෑමට සිතුනු වාර අනන්තය.නමුත් යලි නොයා සිටීමට සිත යම් හේතුවකින් පෙලබී ඇත..ආපසු හැරී නොබැලීමට මා තීරනය කර හමාරය..,එක්වරම දැඩි මීදුමක් ඈත සිට පැමින මා අවට සියල්ලම වසා ගන්නා ලදී... තවත් එකදු පියවරක්වත් ඉදිරියට තැබීමට නොහැකි තරම් මීදුම ඝන විය.. නමුත් මා ගත් තීරනය කිසිදු දෙයකට වෙනස් කරගත නොහැක.. සිතද මීදුම තරමටම දැඩි කරගතිමි.. මා ඉදිරියට සෙමින් පිය මැන්නෙමි.. ආපසු හැරී යා නොහැක.. ආ මග අපහැදිලිය ඒ ඇරත් ආපසු යාමට තැනක්ද මා හට නොමැත..


http://assets.sbnation.com/assets/45707/forest_medium.jpg

යා යුත්තේ කෙබදු දුරක්දැයි කියා කිසිදු අදහසක් නොමැති විය.. අහස සෙමින් අදුරු විය ගොම්මන් 

කලුවර සමගම රැහයි හඩද දවාලෙහි නොතිබුනු සියලු බිහිසුනු හඩවල්ද සෙමින් ඇසෙන්නට විය.. මා 

හැකි තාක් පය ඉක්මන් කෙරුවෙමි.. නමුත් මට වඩා රැය වේගවත්ය..අවට කිසිවක්නොපෙනේ 

අන්දකාරය පමනි..නමුත් ඇග කිලිපොලා යන සීතලෙන් සුපුරුදු මීදුමද මා වටා ඇති බව හැගේ.. මා 

තවත් වේගයෙන් දිව ගියෙමි.. පොලවෙහි ඇති තෙත බරිත බව නිසා පය ලිස්ස මා මගෙහි වැටුනි.. 

දනහිසෙහි ඇති වූ වෙදනාව සෙමින් මුලු ඇගම ආක්‍රමනය කරන්නට විය නමුත් ඒ වේදනාව හිත ලගින් 

නැවතුනි කිසිවකට මා නවතාලිය නොහැක.. හිත දැඩි කරගෙන යලි නැගිට්ටෙමි යලිත් දිව්වෙමි හති 

වැටෙන තෙක් දිවූයෙමි ඉදිරිය නොපෙනෙන මගෙහි නොපෙනෙන අරමුනක් හබා දිවූයෙමි... 


http://dianamican.files.wordpress.com/2009/09/fog.jpg




කෙතරම්වෙලා මා ඉදිරියට ගියේදැයි සිතා ගත නොහැකිය.. අත පය හිරි වැටෙන තරම් වෙදනාවකින් 
 මුලු ඇගම මිරිකී ඇත..රැය දිගුය.. සිත හඉය මුත් ගත දුබලව ගොස් ඇත තවත් ඉදිරියට යාමට මගේ 
 දුබල පයට නොහැකිය.. නමුත් සිත නැවතීමට එකග වී නැත..ශක්තිමත් සිත හා දුබල ගත නිහඩ 
 සටනකය.. ඒන් මා තවත් වෙහෙස වුනෙමි.. කෙලින් සිටගෙන සිටීමට නොහැකිව ඇද වැටුනෙමි.. 
 හුස්ම ගන්නා වේගය වැඩි වුනෙමි අවට සියලු හඩවල් වලට වඩා හද ගැහෙන හඩ ප්‍රබලව 

 ඇසුනි..රැයෙහි සීතල හා විඩාව නිසා මගේ දැස් සීතල තෙත බරිත පොලව මතම සිමින් පිය වෙන්නට 

  වියකෙතරම් වෙලාවක් මා එලෙස වැතිරී සිටින්නට ඇද්දැයි පිලිබදව කිසිදු හැගීමක් නොදැනේ.. තද 
 හිරු කිරණ මගේ විඩාබර දෑස් රිදවමින් කඩා හැලේ..මා සිමින් දැස් හැරියෙමි.. දිගු රැය නිමා වී ඇත..
 මගේ මුලු ගතම හා ඇදි වත තෙත බරිත මඩෙන් හා නොහෙක් පසි ආදින්ගෙන් කිලුටු වී ඇත.හිස 
 පෙදස සිතා ගත නොහැකි ලෙස සීතල වී ඇත..සැනෙකින් හිසෙන් නැගුනු දැඩි වෙදනාවක් මුලු ගතම 
 වෙලා ගන්නට විය.. යලිත් දෑස් තඩ කර පියා ගත්තෙමි,,නමුත් එලෙස තවත් සුලු වෙලාවක් හෝ 
 සිටීමට නොහැකි වූයේ අවටින් නැගුනු හඩකිනි..
  මා යලි දැස් හැර බලුවෙමි මට එරෙහිව දොරවල් වැසුනු විසල් මැදුරු වල හුන් බොහො දෙනා මා වටා 

 රැස්ව ඇත.. ඔවුන් මා වෙනුවෙන් කදුලු සලයිද?? නැත ඔවුන්ගේ මුහුනු මත ඇදුරු වියරු සිනහවල්ය.. 
 ඔවුන්ට බැන වැදීමට හෝ එරෙහි වීමට මට ශක්තියක් ඇත්නම් යැයි සිතේ..ඔවුන්

නොනවත්වා සිනාවෙති...මා වැටී සිටින යුරු බලා සමච්චලයට ඒ නපුරු හදවත් සිනා සෙති..
ගතෙන් නැගෙන පිඩාවටත් වඩා හිත උහුලාගත නොහැකි ලෙස රිදේ ඉකිගසා හැඩීමට හැකිනම් එය 
 සහනයකි නමුත් එය කිරීමටවත් ශක්තියක් ඉතුරු වී නොමැත.. ඒ නපුරු නෙත් වලින් මිදීමට මා හිස 
 වෙනත් දෙසකට හරවා ගතිමි.. මගේ හිසෙන් ආ ලෙ පහර සෙමින් පොලව දිගේ ගලා යනු පෙනේ.. 
 හිමි හිමින් ලේ බිදු ගලා ගොපදුරක් අසලය.. මගේ දැස් අදහා ගත නොහැකිය.. ඒ මල් ගස.. මා ගමන 
 ඇරබූ තැන තිබුනු දෙයක් බව මට හොදටම මතකය..මා මෙතරම් දුර දිව ගියද මා යලිත් ගමන රම්බ 

කල තැනමය...,පලා යෑම මෙතරම් අසීරුද?? පෙර දින තිඋබු මීදුම යලිත් ඒ නම්..ඒ පීඩකාරි මීදුම දැන් 
 තිබේනම් මේ සියල්ල වසා දැන් පැතිර යානම් එය කෙතරම් සහනයක්ද..
 හඩා වැලපීමට පන නැති වුවද නිහඩ කදුලක් සිමින් කොපුල් තෙමමින් ඇද හැලෙන්නට වියා... 

 සියල්ල 
 එම ලේ මුසු කදුලෙන් බොද වීම හිතර සහනයකි.. යලිත් වේදනාව දරාගත නොහැකි ලෙස මා වෙලා 
 ගන්නට විය.. සෙමින් දෑස පියවේ.. මට දැස් වසා ගැනීමට අවැසි නැත.. නමුත් දැස් විවරව තබා ගැනීම 
 අසීරුය සිතා ගත නොහැකි ලෙස ඇසි පිය බර වී ඇත..දිගු සුසුමක් සමගම දැස් සම්පුර්නයෙන්ම පියා 
 ගත්තෙමි.. හැගීම් විරහිත තප්පර කිහිපයක් ගෙවුන්නු බව යාන්තමට මතකය පෙර දැනුනු වේදනාව 
  වෙනුවට සිත ගැත නොහැකි කලිදු දැනී නැති සැහල්ලු බවක් දැනේ... අදුරු මිහිදුම වෙනුවට දැඩි සිදු 
 ආලෝකයකි.. කෙතරම් අපූරුද වෙනස්ම මගකින් මා,මා මෙතෙක් සෙවූ නිදහසට ලගා වී ඇත.. මා 
 සිනා සුනෙමි කිසිදු දිනක සිනා නොවුනු බවක් හැගුනෙමි යලිත් ඇති පමන හඩා නගා සිනා සුනෙමි 
 ඇතුලාන්තයෙන්ම නැගුනු සතුටට හේතුව සිතා ගත නොහැක නමුත් මා සතුටු වුනෙමි... මරණය 
 කෙතරම් සැනසුමක්ද



5 comments:

  1. තවත් කොටස් විදියට ලියනවද .. ඇරඹුමම කදුලක් වගේ .. ලියාගෙන යන් ,,අපි එන්නම් පස්සෙන්

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අක්කේ මේක කතාව නෙවෙයි මුලු කතාවම ශන්ක්ශිප්තව විකාර කරල ලිව්වෙ =ඩී.. ane digatama enna :*

      Delete
  2. පුළුවන් තරම් ලියල ...... දුක ඉවර කරගන්න .....ආලෝකය ලැබෙනවා , සත්තයි.....හෙට අළුත් ඉරක් පායවී..... හැමෝම ලියන්න පටන් ගන්නේ මෙතැනින්ම තමයි..... ඇරඹුම අවසානය නොවේ .......

    ReplyDelete
    Replies
    1. ඇරබුමම කදුලක් වෙලා

      Delete
  3. ඩබල් ඩොට් ඩී. හම්මේ.. අපි වගේ අලුත් අය.. සතුටක් හදුනා ගැනීම.. ඩබල් ඩොට් වරහන් ඉවරයි..

    ReplyDelete